පැරණි උසාවි සංකීර්ණයෙහි ජාත්‍යන්තර ‍බෞද්ධ කෞතුකාගාරය ඉදිකිරීමග

2005, 2006 වසරවල ඇසළ පෙරහර සංදේශයන් මගින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක්කල පැරණි උසාවි සංකිර්ණය 2007වසරේදී නාගරික සංවර්ධණ අමාත්‍යාංශය මගින් දළදා මාළිගාවට පුජා කරන ලදි. එම ගොඩනැගිලි සංකිර්ණයේ ලෝකයේ ප‍්‍රථම වරට බෞද්ධ රටවල් 17ක බුදුදහම විකාශය වී ඇති ආකාරය පිළිඹිඹු කරන ලෝක බෞද්ධ කෞතුකාගාරයක් නිර්මාණය කිරිමට නිලමේතුමාගේ අදහස විය. ඒ අදහස මල්එල ගන්වමින් 2011 මැයි මාසයේදී ලෝකයේ ප‍්‍රථම ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය පැරණි උසාවි සංකීර්ණයේදී අතිගරු ජනාධිපතිතුමා අතින් විවෘත විය. දළදා මාළිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සඳහා මෙම කෞතුකාගාරය දෛනිකව විවෘත කර ඇත.






No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.