ශ්‍රී.බු.ව. 2550 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පැවැත්වූ රථ පෙරහැර 2006

2550 සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සමගාමීව දළදා වහන්සේ වැඩසිටින පැරණි රාජධානි ආකෘති ඇතුළත් රථ නිර්මාණය කරමින් දිවයින පුරා සංචරය කිරීම මෙරට මහජනතාවට නවමු වු අත්දැකීමක් විය. මෙම රථ පෙරහර රට පුරා සංචාරය කරන අවස්ථාවන්හිදි ඒ සඳහා ජාති, ආගම්, කුල භේදයකින් තොරව මහජනතාවගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළ වන අතර මෙම කාර්යය සාර්ථකව නිමා කිරීමට අපහට ශක්තියක් විය. පුරා මාස 04ක් දිවයින පුරා සංචාරය කරන ලද මෙම රථ චාරිකාව නිමාවුයේ වෙසක් පුන් පොහෝ දින දළදා මාළිගා මහමළුවේ පැවති උත්සවයකිනි.