ඇත් පන්තිය

දළදා මාළිගාව සතු ඇත් පන්තියට අවශ්‍ය පහසුකම් නොඅඩුව සපුරාලමින් ඇත් පන්තිය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑම. මෙහිදී ඇත් පන්තිය සඳහා මාළිගාව පරිශ‍්‍රයේ සුදුසු ස්ථාන පිළියෙල කර විධිමත් අයුරන් ගාල්කර තැබීමත්, ඇත් ගොව්වන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමත් සිදුකෙරුණි.
ශ්‍රී‍්‍ර දළදා මාළිගාවේ ඉල්ලීම පරිදි ශ්‍රී‍්‍ර ලංකා රජය මියන්මාර රජයේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව 2007 වසරේදී ඇතුන් දෙදෙනෙකු දළදා මාළිගාවට පරිත්‍යාග කරන ලදී. මෙම ඇතුන් දෙදෙනා මියන් රාජා හා බුරුම රාජා ලෙස නම් තැබීය. මෙම ඇතුන් දෙදෙනා පසුගිය වසර කිහිපය පුරාම මහනුවර ඇසළ පෙරහරට විචිත‍්‍ර බවක් එක්කල අතර, අනාගතයේදී මෙම ඇතුන් දෙදෙනා දළදා කරඩුව වැඩමවනු ඇති බවටට විශ්වාස කෙරේ.








No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.