වාර්ශිකව සංවිධානය කරනු ලබන පොසොන් බැති ගී පූජාවලිය

මහනුවර දිස්ති‍්‍රක්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල 25ක දහම් පාසල් අතරේ බැති ගී තරඟාවලියක් පවත්වා, එයින් තෝරාගන්නා දහම් පාසල් 10ක බැතිගී ඇතුළත් කර මහමළුවේදී පොසොන් පොහොය දින වාර්ෂිකව මෙම බැති ගී පුජාවලිය සංවිධානය කෙරේ. මෙම බැති ගී පුජාවලිය මේවනවි වර්ෂ තුනකදී අඛණ්ඩව පවත්වා ඇති අතර, සෑම බැති ගී ප‍්‍රසංගයක්ම රූපවාහිනි නාලිකාවක සජීවීව විකාශනය කෙරේ. මෙය දහම් පාසල් දුවා දරුවන්ට නවමු වු අත්දැකීමකි. මෙම ප‍්‍රසංගයට සහභාගීවන දහම් පාසල් දුවා දරුවන්ට ත්‍යාග හා සහ සහතික පත් ලබාදීමත්, දහම් පාසල් සඳහා ත්‍යාග ලබාදීමත් සිදුකෙරේ.





No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.