දළදා මාළිගා පරිශ්‍රය අලංකාර කිරීම

ලෝකවාසී බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී‍්‍ර දළදා මාළිගාව දෙස් විදෙස් ජනතාව දෛනිකව පැමිණෙන පුදබිමකි. මෙම පුදබිම අලංකාරවත්, නිසියාකාරවත් පවත්වාගෙන යෑම අතිශය වැදගත් කරුණකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පසුගිය වසර කිහිපය තුලදීම දළදා මාළිගා පරිශ‍්‍රයේ අලංකාර කටයුතු සඳහා විධිමත් කි‍්‍රයාමාර්ග රාශියක් කි‍්‍රයාත්මක කර ඇත. ඒ අනුව දළදා මාළිගාවේ ප‍්‍රධාන පිවිසුම් මාර්ග සියල්ලම ගල් අතුරා අලංකාර කිරීමත්, රුක් රෝපණ වැඩසටහන්, දිය අගල පිරිසදු කර පවත්වාගෙන යෑමත් ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබේ. ඉදිරියේදී දළදා මාලිගාවේ පෞරාණික වටිනාකමට හානියක් නොවන ආකාරයෙන් අලංකරණ කටයුතු සිදුකිරීමටත් දියවඩන නිලමේතුමා බලාපොරොත්තු වේ.





No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.