|
|
|
|
|
|
|
| |
ඉඩම් සංවර්ධනය කිරීම
නව
දියවඩන නිලමේතුමා වැඩභාරගැනීමත් සමඟ එවකට ක‍්‍රමානුකුලව නොතිබු ඉඩම් කටයුතු
නිසියාකාරව පවත්වාගෙන යෑමට වෙනම කාර්යාලයක් විවෘත කරන ලදි. ඒ සඳහා පළපුරුදු
නිලධාරි මහතුන්ගේ සේවය ලබාගන්නා ලද අතර, මාළිගාවට අයත් සියලුම ඉඩම් පිළිබඳව කටයුතු කිරීම මෙම කාර්යාංශය මගින් සිදුවේ. පෙර නොවු පරිදි දළදා මාළිගාවට අයත් ඉඩම් වලින්
අයවිය යුතු බදු මුදල් ක‍්‍රමානුකුලව ලබාගැනීමටත්, වාර්ෂික බදු ආදායම වැඩිකර ගැනීමටත් හැකියාව ලැබී ඇත. ඉඩම් බදු ලබාගෙන ඇති
බදුකරුවන්ට බදු මුදල් ගෙවීම සඳහා බැංකු හරහා පහසුකම් සලසා දීමත් කැපී පෙනේ. එමෙන්ම දළදා මාළිගාව සතු ඉඩකඩම් සංවර්ධනය කිරීමටත් මේවනවිට කටයුතු කර ඇත. ඉතා
දුෂ්කර ප‍්‍රදේශයක පිහිටි දළදා මාළිගාවට අයත් පිටිගොඩ ඉඩමේ යටිතල පහසුකම් සංවර්ධනය
විශේෂයෙන් සඳහන් කළ හැක.
Subscribe to:
Posts (Atom)





No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.